නඩුකාරතුමාට කුඩේ අල්ලපු හැටි......

ආයුබෝ වේවා..........!!!

හා... හා... පුරා කියල බ්ලොග් එකේ වැඩේට බැස්සට හඳුන්වාදීම් මිසක් ලිපියක් ලියන්න බැරි උනානේ. ඉතින් මුලින්ම නීති කථා පැත්තට ලියන්න තමයි හදන්නේ.

මේක උසාවියක වෙච්ච කථාවක්.

දවසක් දකුණු පළාත පැත්තෙ ගමක මිනිහෙක් කෙසෙල් කැනක් කපල පොලිසියට මාට්ටු උනාලු. කොහොම උනත් මිනිහා පොලිසියට වැඳල වැඳල ඇප පිට නිදහස් උනා. 

ඒත් ඉතින් දැන් නඩුවට යන්න එපායැ.

දැන් ඔන්න නඩු දවස. එදා කොහොම හරි මොරසූරන වැස්ස. මිනිහත් ලොකු කුඩයක් ඉහලගෙන උසාවියට ගියා. හැබැයි තාම උදේ පාන්දර නිසා නඩුකාරතුමා උසාවියට ඇවිත් නෑ. ඔන්න ටික වෙලාවක් යද්දි නඩුකාරතුමා  ඇවිත් කාර් එකෙන් බැස්සා. ඒත් එතුමා කුඩයක් ගෙනැත් නෑ......................

දැන් මොකද කරන්නේ?

මොනවා කරන්නද උසාවියට එන්නත් ඔනනේ කියල නඩුකාරතුමා තෙමි තෙමි උසාවිය පැත්තට එනවා. ඉතින් මේක දැකපු අපේ කථා නායකයා දුවල දුවල ගිහිං නඩු කාරයට කුඩේ ඇල්ලුවා. ඒ කුඩේ යටින් නඩුකාරතුමත් උසාවියට ආවා.

දැන් නඩු අහන වෙලාව.

ඔන්න අපේ බුවාගෙ නඩුවත් කැඳෙව්වා. ලොක්කත් පපුව ඉස්සරහට දාගෙන විත්ති කූඩුවට නැගල නඩුකාරතුමාට පොඩි හිනා පාරක් එහෙමත් දැම්මා. ඇයි ඉතිං නඩුකාරයට කුඩේ අල්ලපු පිනෙන් තමන්ටත් වාසියක් වෙයිනේ................. නේද?

මොකද හිතන්නේ වාසියක් වෙන්න ඇතිද?

ඒත් අපේ නඩුකාරතුමා මුකුත් දන්නේ නෑ වගේ නඩුව අහල මිනිහට රු. 15000.00ක දඩයක් ගැහුවා. ඒත් එතනින් නැවතින්නේ නැතුව උසාවියට එද්දි කුඩේ අල්ලල මානසික අල්ලස් දෙන්න හැදුවා කියල තව රු.5000.00ක් ගැහුවා. කොහොමද වැඩේ....?

ඔන්න ඒ නිසා යාලුවනේ කරන දෙයක් පරිස්සමෙන්.........................

(මේක මගේ මුල්ම ලිපියක්නේ... කියවල බලල හරි වැරදි පෙන්නල දෙන්න එහෙනම්)


Posted by
Unknown

More

නීති කථා ගැන පෙරවදනක්

මේ පිටුව නීති කථා....


වඳුරඹයා කැම්පස් එකේදී ඉගෙනගන්නේ නීතිය. හැබැයි සයිබර් අවකාශය තුල නීතිය සම්බන්ධයෙන් සරලව සිංහලෙන් දැනුමක් ගන්න පුළුවන් තැන් ගොඩක් අඩුවෙන් තමයි තියෙන්නේ. ඒ නිසාම අපි නීතිය ගැන දන්නේ ගොඩක් අඩුවෙන්.
සරලව කිව්වොත් අපි රථවාහන නීති හරියට නොදන්න නිසානේ වරදක් නොකරත් සුදු ඉරි අයියලට පගාව දෙන්න යන්නේ. ඒ වගේම සමහර රජයේ නිළධාරීන් අපිට අසාධාරණකම් කරද්දි කට වහගෙන ඉන්න වෙන්නෙත් ඒ නිසාමනේ.
ඉතින් නීතිය මට වගේම අපි හැමෝටම වැදගත් කියල හිතුන නිසා තමයි වඳුරඹයාගේ අවකාශයෙන් පැත්තක්ම නීතිය වෙනුවෙන් වෙන් කලේ. ඒ හින්දා ඉදිරියෙදි මම අපරාධ නීති, රථවාහන නීති, විවාහ නීති, ඉඩම් නීති වගේ අපේ ජීවිතයෙදි අපිට වැදගත් වෙන දේවල් ගැන මේ පිටුවෙන් ඔබට කියන්නම්. හැබැයි බර වචනවලින් නම් නෙමෙයි. තේරෙන සිංහලෙන්.
ඒ විතරක්ම නෙමෙයි. නීතිය ගැන දැනුමක් ඔබට ලබාදෙන ගමන්ම, උසාවියෙදි, විශ්ව විද්‍යාලෙදි අහපු දැකපු නීති ක්ශේත්‍රයේ රස කථා එහෙමත් ඔබට කියන්නම් මේ පිටුවෙන්.

ඉතින් වඳුරඹයගෙ අවකාශයට ගොඩවැදුණු වෙලාවට මේ පැත්තටත් ඇවිත් යන්න හොඳේ.....

Posted by
Unknown

More

ගමේ කථා අහන්න..........

ගම ගැන කියන්නයි මේ වෑයම....


අපි ඉන්නේ වඳුරඹ. ඉතින් වඳුරඹ කියන්නේ ලොකු ප්‍රදේශයක්. මේ ඇතුලේ ගම් ගොඩක් තියෙනවා. මේ ගම්මාන ගත්තාම රජ කාලේ දක්වා දිවෙන ඉතිහාසයක් වගේම පෞරාණික බවකුත් දැකගන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රදේශයෙන් දැයට දායාද වුන උගතුන් ප්‍රමාණයත් බොහොම වැඩියි.

ඒ වගේම ස්වභාව සෞන්දර්යයෙන් අනූන මේ පළාත ගැන ඔබට කියන්නට තමයි ගමේ කථා වෑයම් කරන්නේ. ඒ වගේම පළාතේ සිදුවෙන අළුත් අළුත් වැඩ වලටත් මේ පිටුවෙන් ඉඩක් තියෙනවා.

ඉතින් වඳුරඹ ගැන දැනගන්න, කථා කරන්න මේ පැත්තටත් ගොඩවෙමුකෝ......

Posted by
Unknown

More

ඥාන කථා අහමුද?

ඥාන කථාවක්........


ඥාන කථා කියන්නේ කෑමක් උනාට මේ පිටුවෙන් මොලේට කෑමක් දෙන්න තමයි වඳුරඹයාගේ උත්සාහය. අන්තර්ජාලය තුල වගේම, කියවන පොත පත්තර වලත් දකින්න තියෙන දැනුම මේ පිටුව තුලින් අපි බෙදා ගනිමු. කිසිම සීමා මායිමක් නැතුව දන්න ඔන දෙයක්, අපිට තේරෙන විදියට කථාකරන්න ඥාන කථා පිටුවෙදි දැන් පුළුවන්.

ඉතින් ගණිතය, විද්‍යාව, සාමාන්‍ය දැනීම ආදියට සීමා නොවී පුළුල් දැනුමක් සොයා යන්න එන්න ඥාන කථා පිටුවට...........

Posted by
Unknown

More
Powered by Blogger.

Copyright © / වඳුරඹයාගේ අවකාශය

Template by : Urang-kurai / powered by :blogger