නඩුකාරතුමාට කුඩේ අල්ලපු හැටි......

ආයුබෝ වේවා..........!!!

හා... හා... පුරා කියල බ්ලොග් එකේ වැඩේට බැස්සට හඳුන්වාදීම් මිසක් ලිපියක් ලියන්න බැරි උනානේ. ඉතින් මුලින්ම නීති කථා පැත්තට ලියන්න තමයි හදන්නේ.

මේක උසාවියක වෙච්ච කථාවක්.

දවසක් දකුණු පළාත පැත්තෙ ගමක මිනිහෙක් කෙසෙල් කැනක් කපල පොලිසියට මාට්ටු උනාලු. කොහොම උනත් මිනිහා පොලිසියට වැඳල වැඳල ඇප පිට නිදහස් උනා. 

ඒත් ඉතින් දැන් නඩුවට යන්න එපායැ.

දැන් ඔන්න නඩු දවස. එදා කොහොම හරි මොරසූරන වැස්ස. මිනිහත් ලොකු කුඩයක් ඉහලගෙන උසාවියට ගියා. හැබැයි තාම උදේ පාන්දර නිසා නඩුකාරතුමා උසාවියට ඇවිත් නෑ. ඔන්න ටික වෙලාවක් යද්දි නඩුකාරතුමා  ඇවිත් කාර් එකෙන් බැස්සා. ඒත් එතුමා කුඩයක් ගෙනැත් නෑ......................

දැන් මොකද කරන්නේ?

මොනවා කරන්නද උසාවියට එන්නත් ඔනනේ කියල නඩුකාරතුමා තෙමි තෙමි උසාවිය පැත්තට එනවා. ඉතින් මේක දැකපු අපේ කථා නායකයා දුවල දුවල ගිහිං නඩු කාරයට කුඩේ ඇල්ලුවා. ඒ කුඩේ යටින් නඩුකාරතුමත් උසාවියට ආවා.

දැන් නඩු අහන වෙලාව.

ඔන්න අපේ බුවාගෙ නඩුවත් කැඳෙව්වා. ලොක්කත් පපුව ඉස්සරහට දාගෙන විත්ති කූඩුවට නැගල නඩුකාරතුමාට පොඩි හිනා පාරක් එහෙමත් දැම්මා. ඇයි ඉතිං නඩුකාරයට කුඩේ අල්ලපු පිනෙන් තමන්ටත් වාසියක් වෙයිනේ................. නේද?

මොකද හිතන්නේ වාසියක් වෙන්න ඇතිද?

ඒත් අපේ නඩුකාරතුමා මුකුත් දන්නේ නෑ වගේ නඩුව අහල මිනිහට රු. 15000.00ක දඩයක් ගැහුවා. ඒත් එතනින් නැවතින්නේ නැතුව උසාවියට එද්දි කුඩේ අල්ලල මානසික අල්ලස් දෙන්න හැදුවා කියල තව රු.5000.00ක් ගැහුවා. කොහොමද වැඩේ....?

ඔන්න ඒ නිසා යාලුවනේ කරන දෙයක් පරිස්සමෙන්.........................

(මේක මගේ මුල්ම ලිපියක්නේ... කියවල බලල හරි වැරදි පෙන්නල දෙන්න එහෙනම්)


0 comments:

Post a Comment

Powered by Blogger.

Copyright © / වඳුරඹයාගේ අවකාශය

Template by : Urang-kurai / powered by :blogger