පිවිසෙන්න අවසරද?

එකසිය විස්සට දෙසීය විස්සක් ආයුබෝ වේවා.........!!!

මම නමින් වඳුරඹයා.
ඒ කියන්නේ දකුණු ලක ගාලු ගඟබඩ පත්තුවේ වඳුරඹ කියන සුන්දර ප්‍රදේශයේ ජීවත්වෙන තවත් එක් කොල්ලෙකුගේ අන්තර්ජාල ආගමනය තමයි අද මේ සිදු කරන්නේ....

මම සයිබර් අවකාශයේ සැරිසරන්න පටන්ගත්තේ 2004-2005 කාලෙදි උනත් HI5, මූණු පොත, ඊ තැපැල් වගේ දේ ඇරෙන්න ලොකු තේරුමක් ඇතුව කරපු දෙයක් නෙමෙයි ඒක. කොහොම උනත් පස්සෙ පස්සේ අන්තර්ජාලේ තියෙන ජංජාල එකින් එක අවබෝධ කරගන්න මට පුළුවන් උනා. එහෙම යනකොට තමයි Google වලදී මට සිංහල බ්ලොග් එකක් දකින්න ලැබුනේ. ඒ බ්ලොග් එකේ නම හරියට මතක නැති උනත් ඒක ලස්සන නිසඳැස් තිබුනු එකක් බව නම් තාම මතකයි. එතනින් ඇරඹුන මගේ බ්ලොග් කියවීම දිගින් දිගටම කරද්දි මම, මටත් නොදැනීම බ්ලොග් පාඨකයෙක් වෙලා. ඒ නිසාමදෝ සිංහල බ්ලොග් කරුවන්ගේ සංසඳය, ලාංකීය සිතුවිලි පැත්තට ගොඩවදින එකත් මගේ දින චර්යාවට ඇතුලත් උනා. 

කොහොම උනත් මගේම බ්ලොග් එකක් පටන් ගන්න සිහිනයත් කාලෙක ඉඳින් තිබුන දෙයක්. යුනිකෝඩ් ටයිපින් එහෙමත් පුළුවන් නිසා වැඩේ පටන් ගන්න හිතුවත් කැම්පස් එකේ වැඩ නිසා ඒ සිහිනයේ මල් පිපෙන්න කාලයක් ගත උනා. කැම්පස් ස්ට්‍රයික් එකකුත් ආව නිසා මට මේ විදියට වඳුරඹයාගේ අවකාශයට එන්න අවස්ථාව උදා උනා.

ආපු හැටි කිව්වට මම ලියන දේ ගැන කිව්වේ නෑනේ.....

එක අතකට ලියන්න කියල දෙයක් ඇත්තෙත් නෑ.... ඒ වගේම නැත්තෙත් නෑ.
ඒ හින්දම වඳුරඹයා පොඩි එකා කාලේ ඉඳන් කරපු, කියපු, අහපු, දැකපු.................. අත්දැකීම්, නාඩගං, විගඩං........ වගේම ලබපු දැනුමත් ඔයාලත් එක්ක බෙදාගන්න තමයි මගේ බලාපොරොත්තුව.

ඒ උනත් මම බ්ලොග් ලෝකයට නවකයෙක්. ඒ නිසාම මම දන්න දේට වඩා ගොඩක් තියෙන්නේ නොදන්න දේ. ඉතින් බ්ලොග් ලෝකයේ ජ්‍යෙෂ්ඨ සොයුරු සොයුරියෝ මට මේ ගමන යන්න උදව් කරාවි කියන ලොකු බලාපොරොත්තුවත් හදවතේ තියාගෙන තමයි මේ ඇමතීම කරන්නේ....

ඉතින් සොයුර සොයුරිය,
අවසරද මටත් පිවිසෙන්නට සිංහල බ්ලොග් ලෝකයට............... ???

0 comments:

Post a Comment

Powered by Blogger.

Copyright © / වඳුරඹයාගේ අවකාශය

Template by : Urang-kurai / powered by :blogger